Preloader

හැඳින්වීම

බෞද්ධ සංගමය සම්පත් බැංකු බෞද්ධ සංගමය, සම්පත් බැංකු සේවක සේවිකාවන්ගෙන් සැදුම්ලත් ස්වේච්ඡා සංවිධානයක් වේ. එය හුදෙක් එහි සාමාජික/සාමාජිකාවන්ගේ අරමුදල් හා පරිත්‍යාග මත සංගමයේ ජාතික හා සාමාජික අරමුණු ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයෙන් යුත් නිර්දේශපාලන සංවිධානයකි. ජාතික අරමුණු
  • ඓතිහාසික වශයෙන් වැදගත් සහ නිසි අවධානය යොමු නොවුණු පුරාවස්තු/ පුජනීය සිද්ධස්ථාන ආරක්ෂා කිරීම සහ නගාසිටුවීමට උපකාරී වීම.
  • දුෂ්කර ප්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන වල උන්නතිය සඳහා ක්‍රියා කිරීම.
  • ආර්ථික සහ සාමාජීය වශයෙන් පහල ජීවන තලයන්හි සිටින සහෝදර ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමට ක්‍රියා කිරීම සහ ආපදාවන්හිදී උපකාරී වීම.
සාමාජික අරමුණු
  • සම්පත් පවුලේ සාමාජික/සාමාජිකාවන් අතර සමස්ථ සමාජයට ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පිලිබඳ අවබෝධයක් ඇති කිරීම.
  • සම්පත් පවුලේ සාමාජික/සාමාජිකාවන් තුළ ආගමික අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීම.

දැක්ම

  • විකසිත අධ්‍යාත්මයක් - සුඛිත සමාජයක්
  • Awakening spirituality – abundance society

මෙහෙය

  • සම්පත් පවුලේ සාමාජික/සාමාජිකාවන් අධ්‍යාත්මික ගුණ වගාව උදෙසා ශීල, සමාධි, භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • සම්පත් බැංකුවේ වාර්ෂික ආගමික වැඩසටහන් සඳහා සහභාගිත්වය හා නායකත්වය ලබා දීම.
  • ජාතික වශයෙන් වැදගත් විශේෂ බෞද්ධ සැමරුම් සඳහා දායකත්වය, සහභාගිත්වය සහ නායකත්වය ලබා දීම .
  • ඓතිහාසික වශයෙන් වැදගත් ජාතික සහ ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම. නගාසිටුවීම සඳහා සම්පත් දායකත්වය ලබා දීම.
  • දුෂ්කර ප්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන වල උන්නතිය සඳහා ක්‍රියා කිරීම.
  • බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂු භික්ෂුණී / උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසේ උන්නතිය උදෙසා සම්පත් දායකත්වය ලබා දීම.

ඉතිහාසය

ලෝක මහා බෞද්ධ සම්මේලනයේ අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමිපාණන් වහන්සේ විසින් බෞද්ධ මූල ධර්ම මත පදනම් වු බැංකුවක් ස්ථාපනය කරන ලෙස නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා බැංකු අධිපති වු එන්. යු ජයවර්ධන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බෞද්ධ මුලධර්ම මත පදනම් වු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමුවන බෞද්ධ බැංකුව ලෙස 1987 දි සම්පත් බැංකුව පිහිටුවන ලදී.

එය ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ එක කඩඉමක් බවට පත් විය. මෙසේ බෞද්ධයින් වෙනුවෙන් සුවිශේෂී වු බැංකුවක් ලෙස සිය කටයුතු ආරම්භ කර වසර දෙකකට පමණ පසුව එනම් 1989 දි බැංකුව තුළ බෞද්ධ සංගමයක අවශ්‍යතාව දැනෙන්නට විය.එවකට සේවයේ නියුතු සාමාජික / සාමාජිකාවන් පෞද්ගලිකව හෝ පොදුව නොයෙකුත් බෞද්ධ ආගමික කටයුතු වල යෙදුනහ. ඒ සඳහා පොදු එකමුතුවක් නිර්මාණය කර ඒ තුලින් සෑම බෞද්ධ ආගමික කටයුක්තක්ම මෙහෙයවීම සුදුසු යැයි යන ප්‍රධාන අරමුණ පෙරදැරිව, එවකට සමාගම් ලේකම් වශයෙන් කටයුතු කල චූලා බණ්ඩාර මහතාගේ ද භාණ්ඩාගාර ප්‍රධානි ලෙස කටයුතු කල ඩබ් බණ්ඩාරනායක මහතාගේද ණය කාඩ්පත් අංශ ප්‍රධානී පාලිත කන්නන්ගර මහතාගේ සහ උපාලි සමරසිංහ මහතාගේද මුලිකත්වයෙන් ප්‍රථම වරට සම්පත් බැංකු බෞද්ධ සංගමය පිහිටුවන ලදී. වාර්ෂික පිරිත් පිංකම ඇතුළු විවිධ පුණ්‍ය කටයුතු මේ හරහා සංවිධානය කරන ලදී.

කල්යත්ම එහි ක්‍රියාකාරිත්වය මදකට පසුබෑමකට ලක් වුවත්, 2004 වර්ෂයේ දී මනෝජ් අක්මීමන මහතාගේ යෝජනාවක් මත නැවත එය ප්‍රතිසංශෝධනය කරන ලදී. එහි ප්‍රථම මහා සභා රැස්වීම 2004 ජනවාරි මස 23 වැනි දින පවත්වන ලද අතර, එහි සභාපති වශයෙන් ඩබ් බණ්ඩාරනායක මහතාද, ලේකම් වශයෙන් උපාලි ධර්මසිරි මහතාද ඒකමතිකව තෝරා පත් කර ගන්නා ලදී. පැවිදි අනුශාසකත්වය පුජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේ විසින්ද ගිහි අනුශාසකත්වය අනිල් අමරසූරිය මහතා විසින්ද දරණ ලදී. මෙහිදී ව්‍යවස්ථාව නැවත සංශෝධනය කර සම්මත කර ගන්නා ලද අතර ප්‍රධාන නිලයන්ට අමතරව, සාමාජිකයින් 12 කින් යුත් විධායක කමිටුවක් ද ඊට ඇතුලත් කර ගන්නා ලදී.

නව සංශෝධනයත් සමගම නව ක්‍රියාකාරී මුහුණුවරක් ගත් බෞද්ධ සංගමය මෙතෙක් පවත්වාගෙන ආ වාර්ෂික පිරිත් පිංකම හා වාර්ෂික භක්ති ගීත වැඩසටහන ඉතා සාර්ථක ලෙස සංවිධානය කරන ලදී.

ප්‍රථම වරට බැංකුවක් විසින් වෙසක් කාඩ් පතක් මුද්‍රණය කර සාමාජික/සාමාජිකාවන් අතරේ පමණක් අළෙවි කරන ලදී. මීට අමතරව පහත සඳහන් අංගද බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ක්‍රියාදාමයට එකතු විය.

  • බෞද්ධ පුස්තකාලයක් විවෘත කිරීම.
  • ශීල ව්‍යාපාරයක් සංවිධානය කිරීම (නර්තනගල ආරණ්‍ය සේනාසනය - හොරණ )
  • බැංකුවේ සාමාජික/ සාමාජිකාවන්ගේ දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් වෙසක් උත්සව මුල් කොට ගෙන චිත්‍ර, රචනා සහ පද්‍ය ගායනා තරඟ සංවිධානය කිරීම.
  • කාලීන ධර්ම දේශනා මාලාවක් මාසිකව සංවිධානය කිරීම.

මෙලෙස අද දක්වා ඉතාමත් අගනා පුණ්‍ය කටයුතු රාශියක් සංවිධානය කරමින්, රට පුරා විහිදී ඇති බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීමටත් නගා සිටුවීමටත් උර දෙමින් සම්පත් බැංකු බෞද්ධ සංගමය අගනා මෙහෙවරක නියැලෙමින් සිටින බව ප්‍රකාශ කරනු ලබන්නේ ඉමහත් සතුටකිනි.

වසරක් පාසා අද දක්වා සංගමයට නව සාමාජික/ සාමාජිකාවන් ද ඇතුලත් කොට, ඔවුන්ගේ අදහස් සංගමයේ දියුණුවට යොදා ගනිමින් අද වන විට සංගමය ඉතා කාර්යක්ෂම හා ඵලදායි සංගමයක් බවට පත්ව ඇත. වාර්ෂික පිරිත් පිංකම, භක්ති ගීත ප්‍රසංගය, වසරකට වරක් පැවැත්වෙන ශීල ව්‍යාපාරය, අවුරුද්දේ පළමු දින ආගමික වැඩසටහන සහ වසරක් පාසා දිවයින පුරා පිහිටි විවිධ බෞද්ධ සිද්ධස්ථාන නගාසිටුවීමට හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 5 කට අධික දායකත්වයක් ලබා දීම යනාදිය සංගමය විසින් ලබා ඇති දියුණුව හා එහි සාර්ථකත්වය මනාව පිළිඹිඹු කරයි.

 ව්‍යවස්ථාව

අනුශාසක කමිටුව

පූජ්‍ය කිරින්දේ අස්සජී හිමි

පැවිදි අනුශාසක

අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මිය

ගිහි අනුශාසිකා

නිලධාරී මණ්ඩලය

පසන් මනුකිත් මයා

සභාපති

කේෂාන් දාබරේ මයා

උප-සභාපති

අමල් කිරිහේන මයා

උප-සභාපති

අසංක ලියනගේ මයා

ලේකම්

තුෂාරි රුද්‍රිගු මිය

උප-ලේකම්

මනෝජි හෙට්ටිගොඩ මිය

භාණ්ඩාගාරික

ධනංජි දිසානායක මිය

උප-භාණ්ඩාගාරික

විධායක කමිටුව

මනෝජ් අක්මීමන මයා
උපුල් ගුණතිලක මයා
නවෝදි ජයසේන මෙනෙවිය
දමිත් දෙහිපිටිය මයා
හේමන්ත චන්ද්‍රසේකර මයා
ඉශාන් උදයංග මයා
රසිකා අල්විස් මිය
සමීර අල්විස් මයා
සුජීව ප්‍රනාන්දු මයා
පූර්ණා කුඩහෙට්ටි මිය
චින්තක සංජීව මයා
කසුන් රත්නායක මයා
තිසරත් බණ්ඩාර මයා
තුශාරි හේවාවසම් මිය
රුෂාන් වික්‍රමසිංහ මයා
තිළිණි බණ්ඩාර මෙනෙවිය
කනිශ්ක තොටහේවගේ මයා
සුරේකා ජයසිංහ මිය

වාර්ෂික වැඩසටහන් මාලාව

යොමුකිරීම්

Contact Person

Mr. Pasan Manukith (President) : 0776286984
Mr. Asanka Liyanage (Secretary) : 0774643442

Address

Sampath Bank PLC,
No 110, Sir James Peiris Mawatha,
Colombo 02,
Sri Lanka.

Follow